ශ්‍රීලනිප මන්ත්‍රීවරු ජනපතිවරණයක් ඉල්ලති
පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පවත්වන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ.
පසුගිය අඟහරුවාදා (12 වැනිදා) පෙරවරුවේ ජනාධිපතිවරයා සමග අමාත්‍ය හමුවේදී මෙම ඉල්ලීම කර ඇති බව සඳහන් වේ. පළමුව පළාත් සභා මැතිවරණය පැවතියහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම තරග කිරීමේ ප්‍රවණතාව වැඩි වී ඇති අතර එහි මහජන නියෝජිතයන් හා පාක්ෂිකයන්ගේ ඉල්ලීම වී ඇත්තේ ද වෙනම තරග කරන ලෙස බව එහිදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් නිදහස් පක්ෂය සන්ධානගත නොවී තරග කිරීමෙන් විශාල පසුබැසීමකට සිදුවන බවද පෙන්වා දී ඇත.
ඒ අනුව නිදහස් පක්ෂයේ අරමුණ වී ඇත්තේ ජනාධිපතිවරණයේදී ශ්‍ර්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට වන අතර එහි වාසිය නිදහස් පක්ෂයට ගැනීමය.
මධුභාෂණ හේරත්