News

වව්නියාව කොළඹ බස් රථයක් ට්‍රාන්ස්ෆෝමරයක ගැටී 04ක් මරුට (Photos)

මාරවිල, මහවැව හංදිය අසලදී අද (18) අලුයම පුද්ගලික බස්රථයක් අනතුරට පත් වී ඇත. අනතුරෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වන අතර වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය පවසයි.

අනතුරෙන් තුවාල ලැබූ 19 දෙනෙකු මාරවිල රෝහල වෙත ඇතුළත් කර තිබේ. එම අනතුරින් තුවාල ලැබුවන් අතර පුත්තලම යුද හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා ගම්බිම් බලා යමින් සිටි හමුදා සාමාජිකයන් තිදෙනෙකුද නාවික හමුදා සාමාජිකයකුද කාන්තාවන් සිව් දෙනෙකු ද සිටින බවට රෝහල් ආරංචි මාර්ග පවසයි.

රියදුරුට බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන අසළ තිබූ විදුලි කණුවක ගැටී අනතුරකට ලක්වූ බව ප්‍රදේශවාසීහු පවසයි. අනතුරින් මරණයට පත් තිදෙනාම පුරුෂයන් බවත් මිය ගිය පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් ඔවුන් වවුනියාව හා අවට ප්‍රදේශවල පදිංචිකරුවන් විය හැකි බවත් පොලිසිය සඳහන් කරයි.

මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.