පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව 20 වැනිදා සභාගත කෙරේ
පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සකස් කළ විමර්ශන වාර්තාව ලබන 20 වන දා සභාගත කරන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා.
එම ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක බවද නියෝජ්‍ය කතානායකවරයා සදහන් කළා.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පසුගිය නොවැම්බර් මස 15,16 සහ 17 යන දිනවල ඇතිවූ කලහකාරි තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ අරමුණින් නියොජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කිරිමට කථානායකවරයා පසුගිය දා පියවර ගත්තා.