ඇතමුන් බලයේ සිටිමට රටේ දුප්පත්කම එලෙසම පවත්වාගෙන යෑමට උත්සහ කරනවා – තලතා
ඇතමුන් බලයේ සිටිමට රටේ දුප්පත්කම එලෙසම පවත්වාගෙන යෑමට උත්සහ කරන බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි.
රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඇය මේ බව සඳහන් කළ අතර බලයේ සැමදා සිටිය යුතු යැයි සිතමින් පටු අදහස් කිසිවිටෙකත් ක්‍රියාත්මක නොකරන බවත්, දෙසැම්බර් 26 වන දින දේශපාලන කුමන්ත්රණයකින් පරාජයට පත් කිරීමට උත්සහ කළ බවත් එහිදී බොහෝම නිහතමානී ලෙස එහි වගකීම් බාර ගෙන කටයුතු කළ බව ද අමාත්‍යවරිය ප්‍රකාශ කළේය.
අධිකරණය එයට සුදුසු තීරණ ලබා දීම හේතුවෙන් අද නැවතත් බලයට පත්ව ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරිය අවසන් පැය 23 දක්වා ජනතාව වෙනුවෙන් වැඩ කරන බව සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය කියා සිටියේ අද ආණ්ඩුව තියෙන්නේ අපි ගාව බවත් එනිසා ඕනෑම බලපෑමක් සිදු කළ හැකි බවද සඳහන් කළ අමාත්‍යවරිය එවැනි තත්ත්වයක් පැවතියත් අද වන විටත් දුප්පත්කම කෙසේ ද පවතින්නේ, දේශපාලන බලපෑම කෙසේ පවතින්නේද යන ස්ථානයේ සිට වැඩ කරන බව ද ප්‍රකාශ කළේය.