සංඥා පද්ධතියේ දෝෂයක් නිසා කොළඹ කොටුවේ දුම්රිය ප්‍රමාදයක්
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනය වන සහ කොළඹ කොටුවට පැමිණෙන සියළුම දුම්රිය ප්‍රමාදවීමක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මීට හේතු වී තිබෙන්නේ දුම්රිය සංඥා පද්ධතියේ පවතින දෝෂයක් දුම්රිය දෙපාර්මේන්තුවේ ප්‍රකාශකයෙක් සදහන් කළේ.
එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවට ද වාර්තා වනවා.