News

ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසෙයි

විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව, ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව වාර්තා වේ.

එම හේතුවෙන් අවට මාර්ගයන්හි රථ වාහන තද බදයක් ද පවතින අතර විශ්‍රාමික යුද හමුදා සෙබළුන් පිරිසක් විසින් එම විරෝධතාව අරඹා ඇති බව පොලිසිය සඳහන් කරයි.