News

මදුෂ්ගේ ගෝලයෙකු වන වෙඩිකන්දේ කසුන් මාර්තු 06 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

රුපියල් කෝටි 700ක මැණික් සහ දියමන්තියක් සොරකම් කළ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ්ගේ ගෝලයෙක් වන “වෙඩිකන්දේ කසුන්” ලබන මාර්තු මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් සැකකරු ඊයේ උදෑසන වත්තල වෙඩිකන්ද ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් අතර පසුගිය වසරේ නොවැම්බර් 5 වනදා පොලිස් නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුනු පිරිසක් පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක තිබූ මෙම මැණික් සහ දියමන්තිය කොල්ලකා තිබුණා.