අද සිට ඊ-හෙල්ත් කාඩ්පත හඳුන්වා දෙයි
නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපාන් ශ්‍රී ලාංකික ජනතාවට හදුන්වාදීමේ අරමුණින් මිලියන 21 ක් වූ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හඳුන්වාදීම අද (21) කළුතර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.00 ට කළුතර මහ රෝහලෙන් ද, පෙරවරු 11.00 ට බේරුවල මුලික රෝහලෙන් ද, පස්වරු 1.00 ට බණ්ඩාරගම දිසා රෝහලෙන් ද ඊ-හෙල්ත් කාඩ්පත ජනතාවට හඳුන්වාදීමට නියමිතව ඇත.
විදේශිය ආයෝජනයක් මත ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දෙන අතර, පළමු අදියරේ දී රෝහල් 200 කින් කාඩ්පත් නිකුත් කිරීමට නියමිතය බව සඳහන් වෙයි.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත මේ වන විට දිවයින පුරා සියලුම රෝහල් පරිගණක ගත කිරීම ආරම්භ කර ඇත.