News

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව සභාගත කරයි

නොවැම්බර් මස 14,15 හා 16 දා දිනයන්හි පාර්ලිමේන්තුව තුළ සිදුවූ ගැටුම පිළිබඳව ‌සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

නියොජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කර තිබුණු අතර එම වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරන බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් සඳහන් කර ඇත.