Update : රත්ගම ජනතාව ගාලු පාර අවහිර කරයි – මුහුදුබඩ දුම්රිය මාර්ගය ගස් කොටන් වලින් අවහිරවෙයි
රත්ගම, බුස්ස ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිළිස්සීමේ සිදුවීමට විරෝධය පළ කරමින් මියගිය අයගේ ඥාතීන් මේ වන විට කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගය සහ ගස් කොටන් ගෙනවිත් දමා මුහුදුබඩ දුම්රිය මාර්ගයද අවහිර කර තිබෙනවා.
මාතර සිට කොළඹ දක්වා වු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට ඇනහිට ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
————————————————————————————————————————————-
රත්ගම, බුස්ස ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිළිස්සීමේ සිදුවීමට විරෝධය පළ කරමින් ජනතාව මේ වන විට කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගය රත්ගම මංසන්ධියෙන් අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
මියගිය අයගේ ඥාතීන් හා ගම්වැසියන් එක්ව මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මේ වන විට විරෝධතාවයට 250 ක පමණ පිරිසක් එක්ව සිටින බවත්, ඒ හේතුවෙන් ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දමා ඇති බවත් වාර්තා වෙයි.
පසුගිය ජනවාරි මස 23 වනදා ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා ඇති බවට ද පරික්ෂණවලදී අනාවරණය වූ බව ඊයේ (22) පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා.
මෙම ඝාතන සිද්ධිය පිළිබඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාපාරිකයින් දෙදෙනාගේ මළ සිරුරු පුළුස්සා දමන ලද ස්ථානයද ඊයේ (22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගනු ලැබුවා.
ගාල්ල බූස්ස රත්නඋදාගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මංජුල අසේල හා 31 හැවිරිදි රසේන් චින්තක නම් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් පසුගිය ජනවාරි 23 වැනිදා පෙරවරු 10ට පමණ මෝටර් රථයකින් හා වෑන් රථයකින් පැමිණි පොලිස් නිල ඇඳුමින් සැරසි පිරිසක් විසින් රැගෙන ගිය බවට ඥාතීන් පවසනවා.