ජාතික ආණ්ඩුව කඩාකප්පල්වීම නිසා එජාපය මහමැතිවරණයට සැරසෙයි
එක්සත් ජාතික පක්ෂය යෝජනා කළ ජාතික ආණ්ඩුව යෝජනාව ක්රියාත්මක කර ගැනීමට නොහැකි වූ තැන පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඊට අදාළ යෝජනාව ලබන මැයි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.පෙබරවාරි මාසයේ මුල් සතියේ සහ හතර වන සතියේ පාර්ලිමේන්තුවට ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබූ අතර එය අවස්ථා දෙකේදීම අවසන් මොහොතේදී හකුලා ගත්තේය.
මුස්ලිම් කොංග්රසයේ සිටින මඩකලපුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරයා සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුව යෝජනාව මත ඇමැති ධුර වැඩි කර ගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ලබන මාර්තු 05 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය යෝජනාව සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වූ යෝජනාවත් එක්සත් ජාතික පක්ෂය විසින්ම ගෙන ඒම පිළිබඳ අවධානය යොමුව තිබේ.