News

මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය ජනපති නිරීක්ෂණයට

මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පැමිණ තිබේ.

එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැටලීම සිදුකළ නිලධාරීන්ට ස්තූතිය පළ කර සිටි අතර මෙම ක්‍රියාව අනාගත දූ දරුවන් වෙනුවෙන් කළ උදාර මෙහෙවරක් බවටද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ඉදිරියේදී සිදුකරන මෙවන් මෙහෙවර වෙනුවෙන් තම පූර්ණ සහය සහ ආශිර්වාදය නිරන්තරයෙන් ලබාදනෙ බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මෙරට ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගනු ලැබූ මෙම විශාලතම හෙරොයින් තොගය වන රුපියල් මිලියන 2945 ක් වටිනා හෙරොයින් කිලෝ 294 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිය.