News

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනය කර රැගෙන ගිය කියන කැබ් රථය සොයාගනී

රත්ගම බුස්සේ ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කොට වළස්මුල්ල ප්‍රදේශයට රැගෙන ගිය බව කියන කැබ් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබෙනවා.

එම කැබ් රථය අක්මීමන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් කැබ් රථයක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පසුගියදා පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

නමුත් එම නිලධාරින් 15 දෙනාගෙන් හය දෙනෙකු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවයි පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.