ගුරු විරෝධතාවයට කදුළු ගෑස් – බත්තරමුල්ල අවට දැඩි රථවාහන තදබදයක්
අධ්‍යාපන අමාත්‍යංශ ඉදිරිපිට පැවැත්වෙන ගුරු විරෝධතා නිසා බත්තරමුල්ල හා පැලවත්ත අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
මේ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය ඉල්ලා සිටිනවා.
මේ අතර බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ගුරු විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසියෙන් ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
අද උදෑසන ආරම්භ වූ මෙම විරෝධතාවය මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.