20 වන සංශෝධනයට අකමැති වූ පාර්ශවත් දැන් වෙනස් වෙලා
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුලින් අකමැති වූ පාර්ශව ද මේ වන විට සිය ස්ථාවරය වෙනස් කරගෙන ඇති බව අනුර කුමාර දිසානයක මන්ත්‍රීවරයා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය ලැබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට හැකි වනු බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සහයෝගයෙන් තොරව විසි වන සංශෝධනය සම්මත කළ නොහැකි බවයි.