News

මගීන් 11දෙනෙකු රැගත් ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්සවයි

තාක්ෂණික දෝෂයකට ලක්වූ පෞද්ගලික ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන් තොටුපළට ගොඩබස්සවා තිබෙනවා.

එම අවස්ථාවේ යානය තුළ මගීන් 11දෙනෙකු සිට ඇති බවට වාර්තා වනවා.

මෙලෙස තාක්ෂණික දෝෂයකට ලක්ව තිබුනේ ගල්ෆ් ස්ක්‍රීන් ගුවන් සේවයට අයත් ටී.බී.ජී.- 55 දරන ලියර් ජෙට් වර්ගයේ ගුවන් යානයකි.

යානය අද උදෑසන 9.42 ට හොංකොං බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් පැය තුනක ගුවන් ගමනකින් පසු යළිත් දහවල් 12.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බැසීමක් සිදු කර තිබෙනවා.

මෙම හදිසි ගොඩබෑම සිදුකිරීමට පෙර නියමුවා විසින් ගුවන් යානය මුහුදු ප්‍රදේශයේ දී වඩාත් පහතට රැගෙනවිත් යානය තුළ වූ ඉන්ධන සියල්ලම මුහුදට මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අවසානයේ දහවල් 12.40ට පමණ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ආරක්ෂිතව ගොඩබස්සවා තිබෙනවා.