රු. කෝටි 700යේ දියමන්ති කොල්ලයට සම්බන්ධ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි 700 දියමන්ති හා මැණික් කොල්ලයට සහය දුන් බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය විසින් මොවුන් අද (01) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කොල්ලකෑමෙන් පසු අදාළ දියමන්තිය හා මැණික් ගල් තොගය දිවයිනෙන් බැහැර කිරීම සඳහා මොවුන් ආධාර අනුබල දී ඇති බවටයි සැක කරන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රණාල හා කඩුවෙල පදිංචි පුද්ගලයින් වනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් අයෙකුගේ සොහොයුරෙකු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.