මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් උතුරේ පාසල් වලට 05 වැනිදා නිවාඩු
හෙට (04) දිනට යෙදී ඇති මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් 05 වැනි අඟහරුවාදා දිනයේදී උතුරේ සියලුම පාසල් වෙතට නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සදහන් කළේ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් ආචාර්ය රාඝවන් මහතා විසින් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුලු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම උතුරේ උපකාරක පංති පවත්වන සියලුම ගුරුවරු ගුරුවරියන්ගෙන්ද උතුරු ආණ්ඩුකාර සුරේස් රාඝවන් මහතා ඉල්ලීමක් කොට ඇත්තේ එදිනට උපකාරක පන්තිද නොපවත්වන ලෙසටයි.
නිවාඩු දෙන අගහරුවාද දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලුම පාසල් කටයුතු පැවත්වීමට දිනයක් දැනුම් දෙනු ලබන බවටද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පළාත් අධ්‍යාපන කාර්යාල හා කලාප අධ්‍යාපන කාර්යාල වෙතට දැනුම් දී තිබෙනවා.