රටේ පවතින තත්ත්වය හමුවේ ආයෝජකයින් මෙරටට පැමිණීමට අකමැත්තක් දක්වනවා
විනය පිරිහීමත් සමඟ රට තුළ ස්ථාවරත්වය පිළිබඳ ගැටළුවක් මතුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
කුරුණෑගල මාවතගම සති පොළ විවෘත කිරීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ සිදුකෙරුණ අතර, එහිදී ඔහු මේ බව කියා සිටියා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ආයෝජිකයින් මෙරටට පැමිණීමට අකමැත්තක් දක්වන බවයි.
එය රටේ ආර්ථිකයට විශාල පාඩුවක් විය හැකි බවද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළා.