දේශපාලන පක්ෂවල සියලු තොරතුරු වෙබ් අඩවියේ පළ කිරීමට අවධානය
දේශපාලන පක්ෂවල සියලු තොරතුරු මැතිවරණ කොමිසමට අයත් වෙබ් අඩවියේ පළ කිරීමට අවධානය යොමුවී තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, ඒ යටතේ පක්ෂ ව්‍යවස්ථාව, විගණනය කරන ලද ගිණුම් වාර්තා හා එම පක්ෂවල නිලධාරී මණ්ඩලය වෙබ් අඩවියේ පළ කිරීමට නියමිත බවයි.
මේ සම්බන්දව පක්ෂවල ප්‍රතිචාර විමසා ඇති බවද ඔහු සඳහන් කළා.
පක්ෂවලින් ලැබෙන ප්‍රතිචාර මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ.