News

ඇරැව්වලදී කොල්ලකෑ කෝටි 500ක් වටිනා දියමන්තිය සොයාගැනේ

පසුගිය නොවැම්බර් මස ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද බවට සැක කරන දියමන්තිය සොයා ‍ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ නිලධාරින් විසින් සිදු කළ විමර්ශනයකදි මෙම දියමන්තිය සොයා ගැණුන බව පොලීසිය සඳහන් කළ අතර රුපියල් කොටි 500ක් පමණ වටිනා දියමන්තිය බවට සැකකරන මෙම දියමන්තිය ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද්දේ පසුගිය නොවැම්බර් 05වනදාය.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පන්සල් පාර ගොඩාමුල් , පිටිගල ලිපිනයේ පදිංචි කැලුම් ඉන්දික සම්පත් නොහොත් නැලුමා නැමැති සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද විමර්ශන අනුව මෙම දියමන්තිය බවට සැක කරන දියමන්තිය පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වි ඇත.

මෙම සැකකරුගේ පිටිගල නිවස පරික්ෂා කිරිමේදි සඟවා තිබු රුපියල් ලක්ෂ 150ක මුදලක් සොයා ගැනීමට එම නිලධාරින්ට හැකි වී තිබේ.