කණිෂ්ඨ පොලිස් නිළධාරින්ගේ සංගමයෙන් අපේක්ෂිත ප‍්‍රථිපල නොමැති බවට මැසිවිලි
කණිෂ්ඨ පොලිස් නිළධාරින්ගේ හය වෙනි සභාවාරය හෙට දිනයේදී පැවැත් විමට නියමිත අතර යළිත් එහි තනතුරු දැරු නිළධාරින්ම පත්විම සුදානමක් පිළිබද තොරතුරු වාර්තාවේ.
හැට පන්දහසක්වු කණිෂ්ඨ පොලිස් නිළධාරින්ගේ සංගමයට පොලිස් කොස්තාපල් හා සැරයන් යන නළවල කටයුතු කරන අයගෙන් මාසිකව රුපියල් 150ක් වැටුපෙන් කපා ගන්නා අතර අද වන විට එය මරණාධාර සමිතියක් බවට පත්ව ඇතිබව එහි සාමාජිකයෝ පවසති.
නිළදාරින්ගේ පවුලේ සමාජිකයින්ගේ මරණාධාරයක් වෙනුවෙන් මුදල් ආධාර ලබාදිම හැර සෙසු කිසිදු සුභ සාධානයක් එමගින් සිදු නොවන බව සදහන් වේ.
සංගමයට අයත් භෝජනාගාර තුනක් කොළඹ මහනුවර හා නුවරඑළියේ ඇති අතර එහි අලෙවියට ඇති මත්පැන් ඉතා බාල එවා බව එම සමාජිකයේ පවසති කොම්ස් නොලැබිම නිසා රජයේ මත්පැන් ලබා නොගන්නා බව සදහන් වේ.
එහෙත් සමාජිකයෙකුගේ වෘත්තිමය ගැටලූවක් හෝ වැටුප් උසස්විම ආදි කිසිදු ගැටලූවක් සමිබන්දයෙන් සංගමයක් ලෙෂ මැදිහත් නොවෙන බව සමාජිකයෝ පවසති.
මෙහි විධායක සභාවට හා ප‍්‍රධාන තනතුරු සදහා කොලම ආශි‍්‍රත පොලිස් කොඨඨාශවලින්ම පත්විම නිසා සෙසු ප‍්‍රදේශවල පොලිස් කොඨඨාශවල නිලදාරින්ඨ අසාධාරණයක් සිදුවන බව ඔවුන් පවසයි.