ගැටළු 17ක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීවරුන් අද ලෙඩ නිවාඩු
ගැටළු 17ක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීවරුන් අද (05) දිනයේදී ලෙඩ නිවාඩු දමා වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඊයේ (04) කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීගේ සංගම ප්‍රධාන ලේකම් කමල් කිත්සිරි එහිදී සඳහන් කළේ තම වර්ජනයට සමගාමීව අද (05) දින පාර්ලිමේන්තු වට රවුමේදී විරෝධතාවක් පවත්වන බවය.