News

ජනපති වැය ශීර්ෂය පරාජයට එජාපයෙන් සැලසුම් පිට සැලසුම්

ජනාධිපති වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන එළැඹෙන 13 වන දින එය පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුව මග හැර යාමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව වැය ශීර්ෂය විවාදය කරන දින මැති ඇමැතිවරුන් කිහිප දෙනකු පාර්ලිමේන්තු පැමිණීමෙන් වැළැකීමටත් එම පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පා පාර්ලිමේන්තුවෙන් පිටව යාමටත් සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

පසුගිය සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුජිබර් රහුමන් හා ශේෂා විතානගේ යන මන්ත්‍රීවරුන් පැවසුවේ ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරන බවයි.