නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ලක්ෂ 19කට අධික වටිනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී අන්දමින් රුපියල් ලක්ෂ 19කට අධික වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් වන අතර ඔහුගේ ගමන් මල්ලේ සඟවා තිබූ දුම්වැටි කාට්න් 160 ක් රේගු නිලධාරීන් සොයාගෙන ඇත.
ඒවා රාජසන්තක කර සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇති බව වාර්තා වෙයි.