ඉන්ධන මිල අද සංශෝධනය වන ලකුණු
මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද(11) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.
මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මිල කමිටුව අද රැස්වීමට නියමිත බවයි.
ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල අනුව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම ඉන්ධන මිල සූත්‍රය මඟින් සිදුවේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමට නියමිත බවට වාර්තා වේ.
අවසන් වරට පසුගිය පෙබරිවාරි මස 11 වනදා රැස් වු ඉන්ධන මිල කමිටුව විසින් එදින මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවේය.