මිලියන 21ට අධික වටිනා රන් වළලු සමඟ අයෙක් මාට්ටු
රුපියල් මිලියන 21ට අධික වටිනාකමකින් යුත් රන් වළලු කිලෝග්රෑම් 04ක් සමඟ විදෙස් ගුවන් සමගමක නියුතු ශ්රී ලංකිකයෙකු කටුනයකදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් වී ඇත්තේ රත්නපුර ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් තරුණයෙක් වන අතර සැකකරු අද (11) උදෑසන 10.00 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
ඔහු විසින් රැගෙන පැමිණි ගමන් මල්ලේ ඇතුළත ඉතා සූක්ෂම ලෙස මෙම කිලෝ ග්රෑම් 04 යි ග්රෑම් 43 ක් බර රුපියල් දෙකෝටි පහලොස් ලක්ෂයක් (2,15,00,000) වටිනා රත්තරන් වළලු 423 ක් සඟවා ගෙන සිට ඇත.