ගුරු , විදුහල්පති සන්ධානය අනිද්දා දීපව්‍යාප්ත වර්ජනයක
ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ආණ්ඩුව කටයුතු කර ඇති බව පවසමින් එළඹෙන සතියෙන් අනතුරුව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ විධායක නිලධාරීන්ගේ විධායක කමිටුව තීරණය කර ඇත.
එහි ලේකම් කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
මොවුන් පසුගිය 27 වනදා සංකේත වර්ජනයක නිරත වූ අතර ඒ හේතුවෙන් අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල කටයුතු අඩපණ වීය.
එමෙන්ම වැටුප් විෂමතා ගැටළුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ගුරු , විදුහල්පති සන්ධානයද අනිද්දා දීපව්‍යාප්ත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.