රු. බිලියන 1.8 කට අධික වටිනා හෙරොයින් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
මොරටුව රාවතාවත්ත ප්රදේශයේ නිවසකින් හෙරොයින් කිලෝග්රෑම් 150 කට අධික තොගයක් සොයා ගෙන ඇත.
එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1800 ක් පමණ වන බව පොලිසිය සඳහන් කරන අතර මෙම වැටලීම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ රුපියල් කෝටි 500 ක් පමණ වටිනා බව කියන දියමන්තිය සොරා ගත් බව කියන කැලුම් ඉන්දික නොහොන් කැවුමා නැමැත්තාගෙන් කළ ප්රශ්න කිරීම්වලදීය.
එමෙන්ම මෙම හෙරොයින් තොගයට අමතරව T – 56 උණ්ඩ 3000ක් සමඟ පිස්තෝලයක් හා සැකකරුවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.