ප්‍රකාශයක් ලබා දීමට CIDයට ආ කරන්නාගොඩ පැය 08ට පසුව පිටවයයි
ප්‍රකාශයක් ලබා දීමට හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 08කට පසුව ඉන් පිට වී ගොස් ඇත.
අධිකරණ නියෝගයකට අනුව හිටපු නාවික හමුදාපතිවරයා මෙලෙස පැමිණ ඇති අතර තරුණයින් 11 දෙනේකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී ඇත.