News

ජනාධිපති කොමිසමට පැමිණිලි භාර ගැනීම ලබන 19 වන දා දක්වා යළි දිර්ඝ කෙරේ

පසුගිය සිව් වසරක කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන වංචා දූෂණ,සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමට පැමිණිලි භාර ගැනීම ලබන 19 වන දා දක්වා යළි දිර්ඝ කර තිබේ.

කොමිසමට පැමිණීලි භාර ගැනීම ලබන 14 වන දායින් අවසන් කිරීමට පසුගිය 07 වනදා දින නියම කෙරිණ.

ඒ පසුගිය 07 වන දායි අවසන් වීමට නියමිතව තිබු කාලය යළි දීර්ඝ කරමිනි.

මේ වනවිට පැමිණිලි 742 ක් ජනාධිපති කොමිසමට ලැබී තිබේ.

ලද පැමිණිලි අතුරින් 300කට අධික සංඛ්‍යාවක් රජයේ ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 18 ක් මූලික විමර්ශනය සඳහා විශේෂ පොලිස් ඒකකයට භාර දී ඇතැයි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.