හිරුණිකාගේ නඩුව අප්‍රේල් 24ට කල්යයි
පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ විභාගය අප්‍රේල් මස 24 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.
එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී සිටින හෙයින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන මෙන් ඇයගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට ඇති අතර එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය නඩු විභාගය අප්‍රේල් මස 24 වනදා දක්වා කල් තැබීමට නියම කළේය.
2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැළක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයෙක් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර සිටියේ යැයි චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.