News

සාකච්ඡාව සාර්ථකයි – දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

සාකච්ඡාව පැවැත්වූයේ විපක්ෂ නායක කාර්යාලයේදීයි.

එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල සහ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු සහභාගි වී තිබේ.

මීළග සාකච්ඡාව ලබන 21 වැනි දින පැවැත්වීමට නියමිත බව දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.