News

ජනපති මෛත්‍රී කෙන්යානු ජනපතිව හමුවෙයි

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට එක්වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ පවත්වා ඇත.

සමුළුවේ හතරවන සැසිවාරය ඉතා සාර්ථක අන්දමින් සංවිධානය කර තිබීම පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිවරයා සමුළුවේදී ගත් තීන්දු තීරණ ඉදිරියට ක්‍රියාවට නැංවීම සඳහා සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව උපරිමයෙන් කැපවී කටයුතු කරන බවයි මෙහිදී පවසා ඇති අතර ජනාධිපතිවරයාගේ මෙම සංචාරයත් සමඟ දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඉදිරියේ දී වඩාත් පුළුල් වනු ඇති බව කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මෙහිදී පවසා තිබෙයි.