රන්ජන් කථානායකගෙන් ඉල්ලීමක් කරයි
මන්ත්‍රීවරුන් සියලු දෙනා අයවැය විවාදයේ අවසන් දිනයේ පාර්ලිමේන්තු පැමිණෙන බැවින් එදින පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේදී මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරික්ෂණයක් සඳහා පෙනී සිටීමට පහසුකම් සලසා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
පසුගිය 12 දා කථානායකවරයා වෙත ලිපියක් මඟින් මේ පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා විසින් දැනුම් දී ඇති අතර අයවැය විවාදයේ අවසන් දිනය වන ලබන අප්‍රේල් මස 05 දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට ඔවුන් විෂ මත්ද්‍රව්‍ය භාවිතා නොකරන බව තහවුරු කිරීමට අවස්ථාව ලබාදෙන මෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙම ලිපිය මඟින් ඉල්ලීමක් කර තිබේ.