News

14 හැවිරිදි දැරියක් දූෂණය කල පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට

මොණරාගල ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දාහතර හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කර එම සිසුවියගේ ජායාරූප සිය ජංගම දුරකථනයේ තබාගෙන සිටි සැකකරුවකු ඇතිමලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා නිවසේදී හා පාසලේ දී අවස්ථා හතර කදී මෙම දැරිය දූෂණය කර ඇති අතර එම ගුරුවරයා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි හතලිස් හය හැවිරිදි අයෙක් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරිමේ දී එහි තිබී අතවරයට ලක් වූ දැරියගේ ජායාරූප සහ තවත් දරියක් සමග ලබාගත් ජායාරූප කිහිපයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇතිමලේ පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.