පොලිස් ස්ථානාධිපතිවරු 04කට මාරුවීම්
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 4 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
සේවා අවශ්‍යතාව මත එම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළ අතර පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසත්, කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පිළියන්දල පොලිස් ස්ථනාධිපතිවරයා ලෙසත් මාරු කර යවා ඇත..
ගිනිගත්හේන පොලීසියේ ස්ථානාධිපතිවරයා කඹුරුපිටියටත්, ගාල්ල කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ඩී.ජේ.එස්. කරුණාදාස ගිනිගත්හේන පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් පත් කර ඇත.