අයවැයෙන් වැඩි සැලකිලි උතුරු නැගෙනහිරට
මුදල් ඇමැති මංගල සමරවීර පසුගිය අඟහරුවාදා (5 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2019 අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ උතුරු හා නැගෙනහිර ප්රදේශයේ සංවර්ධන කටයුතු සඳහාය.
වැයශීර්ෂ 11ක් යටතේ රුපියල් මිලියන හතළිස් තුන්දහස් හාරසියක (43400) මුදලක් වෙන් කර ඇත.
කෘෂිකාර්මික ධීවර, නගර හා පුනරුත්ථාපන කටයුතු සඳහා එම මුදල් වෙන් කර තිබේ. ඉන් වැඩිම මුදලක් උතුරු නැගෙනහිර අඩු ආදායම් පවුල් නැංවීමට වෙන් කර ඇති අතර එම මුදල රුපියල් මිලියන 24500කි. උතුර හා නැගෙනහිර ගඩොලින් නිම කරන ලද නිවාස ඉදිකිරීම සඳහා ද රුපියල් මිලියන දස දහසක (10000) මුදලක් වෙන් කර ඇත.
සුගන්ධි බස්නායක