ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ තුවක්කකරු තනිව ප්‍රහාරය මෙහෙයවා ඇති බව හෙළිවෙයි
පුද්ගලයින් 50 කට මරු කැඳවමින් ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ තුවක්කකරු තනිව ප්‍රහාරය මෙහෙයවා ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ සම්බ්නධයෙන් තව ත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඊට සෘජු සම්බන්ධයක් නොමැති බවයි.
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට පසුගිය සිකුරාදා එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 50 ක් දක්වා ඉහළ යයි.
ජීවිතක්ෂයට පත් වූවන් අතර ආසියානුවන් 9 දෙනකු ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්ථාන ජාතිකයන් 6 දෙනකු ඉන්දියානුවන් දෙදෙනකු සහ ඇෆ්ගනිස්ථාන ජාතිකයකු ඒ අතර වන බවය.
මේ අතර ක්‍රයිස්චර්ච් නුවර සියලුම රජයේ ගොඩනැගිලිවල ධජ නැවත දැනුම් දෙන තුරු අඩකුඹු කර තබන ලෙසට ක්‍රයිස්චර්ච් නගරාධිපතිවරිය නියෝග කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු අතර යළි අප්‍රේල් 5 වැනි දා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.