තැපැල් ස්ථානාධිපතිවරුන් දහසක් බඳවාගැනීමට කටයුතු කරනවා – එම්.එච්.ඒ.හලීම්
ප්‍රධාන තැපැල් කාර්යාලවල සේවය සඳහා තැපැල් ස්ථානාධිපතිවරුන් දහසක් අයවැය සම්මත වීමෙන් පසු බඳවා ගැනීමට කටයුතු කරන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා සඳහන් කරයි.
තරඟ විභාගයක් මඟින් එම තනතුරු සඳහා පුද්ගලයින් තෝරා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසන අතර මහනුවර බොක්කාවල නගරයේ සතොස ශාඛාවක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.