“රට වෙනුවෙන් එකට සිටිමු” සමාරම්භක වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරයි
“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයෙන් හෙට (18) ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 16ක් ඉලක්ක කරගනිමින් එකම දිනයක එකම වේලාවක මහජන සේවාවන් ආරම්භ කිරීම මේ යටතේ සිදුකෙරෙන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරයි.
දින පහක් පුරා පැවැත්වෙන මෙම සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටලු හා අවශ්‍යතා කඩිනමින් විසඳාදීමට කටයුතු සිදු කිරීමට නියමිතය.