නවතම ප්‍රවෘත්ති

පිඹුරෙකුට විනාඩි 45ක සැත්කමක්

බරපතල කැපුම් තුවාල ලැබූ පිඹුරකු සැත්කමකට භාජනය කිරීමෙන් පසු මේ වනවිට හියාරේ සත්ව රෝහලේ සුවය ලබමින් සිටින බව ගාල්ල වනජිවී සංරක්ෂණ සංගමය පවසයි.

ගාල්ල බටපොළ ප්‍රදේශයේ දී තණකොළ කපන යන්ත්‍රයකට හසුවූ පිඹුරාගේ උදරයට ඉහළින් බරපතල කැපුම් තුවාල තුනක් තිබූ බවත් සැත්කමට විනාඩි 45ක පමණ කාලයක් ගතවූ බවත් වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂණ නිලධාරී සිසිර ජයසිංහ මහතා පැවසීය.