News

පොලීසියේ ඉහළම පුටු 26කට ස්ථාන මාරු

සේවා අවශ්‍යතා මත පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක්, පොලිස් අධිකාරිවරුන් පස් දෙනෙක් හා සහකාර පොලිස් අධිකාරිවරුන් 14 දෙනෙක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු ද ඒ අතර වන බවයි.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව එම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.

එම ස්ථාන මාරුවීම් අද සිට ක්‍රියාත්මක වන බව ද, පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.