News

ක්‍රිශාන්ත පුෂ්පකුමාර පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

තමාට එරෙහි නඩු විභාගය අවසන් වන තෙක් මන්ත්‍රී ධුරය ඇතුළු තනතුරුවලින් ඉවත්වන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පවසයි.

ගාල්ල, බටදූවේදී අද උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසූවේ තමාට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩු විභාගය ස්වාධීනව සිදුකර ගෙන යාමට ඉඩ දීම සඳහා තමන් මෙම තීරණය ගත් බවයි.

දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 28 වනදා අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර පසුව ඇප මත මුදාහැර තිබේ.