News

කරන්නාගොඩ තෙවන දිනටත් අද CIDයට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද තෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වෙයි.

මීට පෙර අවස්ථා දෙකකදී අධිකරණ නියෝගයකට අනුව ඔහු එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදුන් අතර අද උදෑසන 9ට හිටපු නාවික හමුදාපතිවරයා ප්‍රකාශයක් ලබාදීම සඳහා කැදවා ඇති බව වාර්තා වෙයි.

ඔහුට විරුද්ධව චෝදනා වන්නේ 2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියයි.