News

වෙඩි තැබීමකින් තුවාල ලැබූ බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂනායක රෝහල් ගත කෙරේ

බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතා වෙඩි වැදී තුවාල ලබා තිබේ.

ඔහු තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.

අද (20) උදෑසන ඒ මහතාගේ නිවසට ගිය ඔහුගේ ඥාතියෙකු විසින් කපිල අමරකෝන් මහතා වෙඩි වැදී වැටී සිටිනු දැක ඒ පිළිබඳ පොලීසියට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදු කළේ ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.