නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර දෙවන සාකච්ඡා වටය හෙට
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන දෙවන සාකච්ඡා වටය හෙට (21) පැවැත්වීමට නියමිතව තිබේ.
විපක්ෂනායක කාර්යාලයේදී හෙට පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වෙන බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය.
හෙට පැවැත්වෙන සාකච්ඡා වටය සඳහා සුභවාදීව මුහුණ දීම සඳහා දෙපාර්ශවයම සුදානමින් පසුවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රි ලංකා පොදුජන පෙරමුණ අතර පළමු වටයේ සාකච්ඡා පසුගිය 14 වනදා පැවැත්වුණි.