News

සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි එකම සුදුස්සා මම – ගෝඨා කියයි

සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි එකම සුදුස්සා තමන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ, නාරහේන්පිට ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (20) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙසයි.

පොදු ජනපෙරමුණේ දේශපාලන පදනම මුල් කර ගනිමින් ජනාධිපතිවරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

රට පිළිබඳ නිවැරදි මතයක් ජාත්‍යන්තරට නොගිය බවත් පිටරටවල ජීවත් වන දෙමළ ඩයස්පෝරාව රට සම්බන්ධයෙන් වැරදි මතයක් ජාත්‍යන්තරයට ගෙන ගිය බවත් එය අවාසනාවක් හිටපු ආරක්ෂක එහිදී අවධාරණය කළේය.