News

කේරළ ගංජා කිලෝග්‍රෑම් 150 ක් තලෙයිමන්නාරමෙන් සොයාගනී

තලෙයිමන්නාරම,ඌරුමලෙයි ප්‍රදේශයේ සඟවා තිබියදී කේරළ ගංජා කිලෝග්රැම් 150 ක් අද(20) සොයාගත් බව තලෙයිමන්නාරම පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ නාවික හමුදා බුද්ධි තොරතුරක් මත නාවික හමුදාව හා පොලිසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී අදාළ ගංජා තොගය සොයාගත් බවයි.

සොයාගත් ගංජා තොගය රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු වන අතර, ජාවාරම්කරුවන් ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මෙරට බෙදාහැරීම සඳහා සුදානම් කොට තිබියදී අදාළ ‍සොයාගැනීමට සිදුකළ බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ සොයාගත් ගංජා තොගය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය