News

වෙඩි ප්‍රහාරයකට ලක්වූ බෙලිඅත්ත ප්‍රා.ස විපක්ෂනායක මිය යයි

වෙඩි වැදිමෙන් තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන් මහතා අද (22) අලුයම මියගොස් ඇත.

44 හැවිරිදි දෙදරු පියෙකුවු ඒ මහතා පසුගිය 20වැනි දින උදෑසන පල්ලත්තර පිහිටි සිය නිවසේ කාමරයක් තුළ වෙඩි වැදි තුවාල ලබා සිටියදී තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි.

ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද (22) කරාපිටිය රෝහලට ගොස් මූලික මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්විමට නියමිතය.

කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදු කළේ ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.